Predator යනු jim සහ john thomas කියන නිර්මාණ ශිල්පීන් අතින් නිමැවුණු සුපිරි චරිතයක් . 1987 තිරගත වුන predetor movie එකෙන් තමයි මෙයා මුලින්ම සිනමාවට එන්නෙ. ඉන් පසුව predator 2, predators, aliens vs predators, aliens vs predators requiem , the predator කියන Movies වලින් වගේම 2004 දී තිරගත වුන aliens vs predator සහ ghost recon wildlands , mortal kombat x වගෙ games වලිනුත් predetor ව දැකගන්න පුළුවන්.
ප්‍රඩේටර් ඇත්තටම පිටසක්වලයෙක්. මෙයාලට මිනිස්සු ලබා දීලා තියන specis name(විද්‍යාත්මක නාමය වගෙ) එක තමයි YUTAJI , මෙයාලගෙ planet එක yutaji prime . ප්‍රඩේටරයට මානව රූපි ලක්ශන තිබුනට මිනිස්සුන්ට වඩා උස, ගොඩක් ශක්තිමත් වගෙම සාමාන්‍ය මිනිහෙක්ට වඩා වැඩි වේගයක් yutaji කෙනෙක්ට තියනවා. මෙයාලට පේන්නෙ සර්පයන්ට වගෙ ඒ කියන්නෙ ඔවුන්ගේ ඇස් අධෝරක්ත(infrared) කිරණ වලට සංවේදීයි . Predetors ල ඒ thermal පෙනීම enhance කරගන්ඩ (වැඩි දියුණු කරගන්ඩ) mask එකක් පලදිනවා. Predetor ශිෂ්‍ටාචාරය රණ්කාමිත් වය මත තමා පදනම් වෙන්නේ... මෙයාලා ප්‍රධාන වර්ග දෙකකින් ඉන්නවා. Worriers සහ hunters කියන්නෙ ඒ ප්‍රධාන වර්ග දෙක , නමෙ විදිහටම worriers ලා මූනට මූන හැප්පෙනවා , ඒත් hunter ලා ගේම දෙන්නෙ tactics හා Guerrilla (ගරිල්ලා) ක්‍රම වලින්.
මෙයාලා තමන්ගෙ රනකාමිත්වය ඔප්පු කරන්නෙ ඔය xenomorph (an alien species) ලව මරල. මෙයාලගෙ රණකාමිත්වය ඔප්පු කරන්න කරන්න මෙයාලා අලුත් weapons obtain කරගන්නවා. මෙයාලා බහුලව බාවිතා කරන ආයුධ
අතෙ පැලදගෙන ඉන්න guntlet එකෙන් එකපාර එලියට ගන්නත් ඇතුලට යවාගන්නත් පුළුවන් blade එකක් මේක, ඉතාම තියුණු Close range combats වලදි සතුරාට මාරාන්තික ප්‍රහාර එල්ල කරන්න භාවිත කරනවා.
තියුණු තල හයක් හෝ අටක් එක තැනකට සම්බන්ධ කල throwing weapon එකක් මේක තද වස්තුවක වැදුනම දිශාව මාරු කරනවා ඒක නිසා ප්‍රඩේටරයාට තමාගෙ පිටිපස්සෙ ඉන්න කෙනෙක්ට උනත් පහරදෙන්න පුළුවන් ආයුධයක්.
Yutaji steel වලින් හදපු හෙල්ලක් , hand to hand combat වලදි stuff එකක් විදිහටත් යොදාගන්නවා බොහො predators ලගෙ ප්‍රරධාන ආයුධය තමා මේක.
මේක knuckle එකක වගෙ , sharp edged disk එකක් අතින් ගහද්දි ඇගිලි අතර රදවගෙන පහරදෙනවා , පහරෙ බලය වගෙම තියුණු බව වැඩි කරනවා.
අතර මැදට එන ඕනම දෙයක් එකපාර දෙකට කපන්න පුළුවන් කසයක් , Alien vs Predator එකෙ විතරයි මේක දැක්කෙ හැබැයි.
මේක තමයි මෙයාලගෙ භයානකම ආයුධය , උරහිසට සවිකරපු Machine gun එකක්. Mask එකට සවිකරපු laser එකකින් ගන්න ඉලක්කයක් සුනු විසුනු කරන්න පුළුවන් plasma energy එකක් මේකෙම් විදිනවා , අවශතාව අනුව ගලවලා hand gun එකක් විදිහට වෙඩි තියෙන්නත් පුළුවන් .
ප්‍රඩේටරයගෙ අවසාන තුරුම්පුව , select කරන ඕනම range එකක් එකපාර විනාස කරලා දාන බෝම්බයක්. ගොඩක් වෙලාවට මැරෙන්න යන ප්‍රඩේටරයා තමාගෙ සතුරවත් මරාගෙන මැරෙන්න මෙක යොදවනවා (suicide weapon)
ඉතින් ඒ දේවල් තමා ප්‍රධාන ආයුධ , මීට අමතරව cloaking device එකක් මගින් නොපෙනීයාම , උපතිම්ම පිහිටි thermel පෙනීමත් මගින් ප්‍රඩෙටරයා තම දඩයම පහසු කර ගන්නවා , කම්බි සහ අවට ඇති දේවල් උපයොගී කරගෙන උගුල් ඇටවීමත් මෙයාලාගෙ දඩයම් උපක්‍රමයක් , තව පිටසක්වල දඩ බල්ලොත් මෙයාලා පාවිච්චි කරනවා, ඉතාමත් දියුනු ජීවීන් කොට්ඨාසයක් , තාමට අනතුරක් නොවන දේවල් වලට හානි නොකරන අතර තමන්ගෙ ඉලක්කය කෙසෙ හෝ සපුරාගන්නා ජීවින් විශේෂයක්. මෙයාලා කිසිම වෙලාවක females ලට වත් තමන්ට වඩා දුර්වල අයට වත් අනතුරක් කරන්නෑ ඒක ඔවුන්ගේ නීතියක් , ඒවගෙම ඕක කඩපු rough predator ලා වගයක් predators ෆිල්ම් එකෙ හම්බෙනවා. Predetors ලගෙ දුර්වල කමක් වන්නෙ ඔවුන්ගෙම පේනීමයි(අපෙන් පිටවෙන තාප කිරන ආවරනය කරගත්තම ප්‍රඩේටරයට අපිව දකින්න බෑ)
(Image sources- google images)









Post a Comment